amaraweera-speaks

අද (02) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වන්නට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය සමග අදහස් දක්වමින් රජයට පක්ෂපාතීත්වය දරමින් සිටින ශ්‍රීලනිපය විශේෂ තීරණ කිහිපයක් ගනු ඇති බවට දේශපාලන ආරංචි තහවුරු කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ
‘ආණ්ඩුවෙන් පනහක් හැටක් ඉවත් වන විට ජනාධිපතිවරයාට තුනෙන් දෙක තියා සරළ බහුතරයත් නැති වෙන හැටි බලාගත හැකි‘ බවය.
විමල් ඇතුළු 18 දෙනෙකුට යන්න කියා ඇති බවත් තමන්ගේ 14 දෙනාගේ කන්ඩායමද දැන් කලකිරී ඇති බවත් මෙම තීන්දු තීරණ දේශපාලන පරිණත බවක් නැති ආණ්ඩුව ඇතුළේ සිටින අයෙකු නිසා සිදුවන බවත් පවතින තත්ත්වය ගැන ජනාධිපතිවරයා දැඩි ලෙස සැලකිලිමත් විය යුතුව ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තීරණය කරන ඕනෑම අවස්ථාවක ඇමතිකම් අත හැරීමට සූදානම් බවත් ආණ්ඩුවෙන් ඉවත්වන්නේ නම් එලෙස ඉවත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම පමණක්ම නොවන බවත් ඔහු කීය.
කෙසේ වෙතත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන තීරණ මඟින් එහි වාසිය රනිල්ට හෝ සජිත්ට හෝ වෙනත් කෙනෙකුට ලබාදීමට තම පක්ෂය සූදානම් නැති බවද කීය.



ඔහු එහිදී පළ කළ අදහස් ඕඩියෝව පහතින්