මෙරටින් විශේෂයෙන් හඳුනාගනු ලැබූ ජෛව පටල සාම්පල 96ක් ඔමික්‍රෝන් ඇතුළු සැර කොරෝනා වයිරස ප්‍රභේද ඇත්දැයි ස්ථිරයෙන්ම තහවුරු කරගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විදහ අංශයේ ප්‍රධානියා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛෙල ජෛව විද්‍යාල අධ්‍යයන අංශයට ඊයේ (27 වැනිදා) බාරදෙනු ලැබීය. මෙරට ජාන අනුක්‍රමණ පරික්ෂණ සිදු කරන ප්‍රධානම අංශය ලෙස සැලකෙන්නේ එම ආයතනයයි. මේ අනුව, එම ජෛව පටල සාම්පල 96 පිළිබඳ පරීක්ෂණ අද (28 වැනිදා) ආරම්භ කරන බව එම අධ්‍යයනාංශ ප්‍රධානි, ආචාර්ය චන්දිම ජීන්දර මහතා පැවැසීය. එම පරීක්ෂණවල ප්‍රතිඵල ඉතාම ඉක්මනින් ලබාදීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දෙනු ලැබ ඇති එම සාම්පලවලින් බහුතරයක් විදේශ රටවලින් පැමිණි පුද්ගලයන්ට අයත් ඒවා බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ගවලින් පැවැසේ. ඔමික්‍රොන් සැර කොරෝනා වයිරසය ආසාදනය වූ සිවු දෙනෙක් මෙරටින් පසුගියදා සොයා ගනු ලැබීය.
මෙරටින් සොයා ගැනුණු පළමු ඔමික්‍රොන් ආසාදිතයා නයිජීරියාවේ සංචාරයක යෙදී මෙරටට පැමිණි කාන්තාවකි. ඉන් දින කිහිපයකට පසු ආසාදිතයෝ තවත් තිදෙනෙක් සොයා ගනු ලැබූහ.
-සුජිත් හේවාජුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval