jayasri-mod-goviya-sundariye-court-order
රෝහිත ජයලත් සහ රොහාන් ජයලත්ට සීමා නොවී ජය ශ්‍රී සංගීත කණ්ඩායම මහාද්වීප තුනක් නියෝජනය වන රටවල් 4ක සංගීතවේදීන් 7 දෙනකුගෙන් සෑදුණු සංගීත කණ්ඩායමකි. පසුගියදා ජය ශ්‍රී සම්බන්ධවආරංචියක් පැතිරිණි. එයින් කිවයැවුනේ එහි සාමාජිකයෙක් ලෙස හිටපු අරුණ ලියාන් විසින් කණ්ඩායමේ ඇතැම් ගීත සම්බන්ධව යම් අයිතියක් කියාපෑමත් අන් අයට ගීත ගායනය තහනම් වීමත්ය.


ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.


ඒ ගැන කන්ඩායම සිය අදහස් දක්වා තිබේ. ඒ මෙසේය.

“ජය ශ්‍රී කණ්ඩායමේ ගීත 20 ගායනය තහනම පිළිබඳව මේ වෙද්දි ඒ සම්බන්ධව කිසිම ලියවිල්ලක් අපිට ඇවිල්ලා නැහැ.මීඩියා වලින් තමයි අපිත් ඔය සිද්ධිය දැනගත්තේ.මොනදේ උනත් අපි ඉන්නේ රටක නීතියට ගරු කරන්න අවශ්‍යයි කියන තැන.31 වැනිදා මේ සම්බන්ධව පිළිතුරක් ලැබෙන කම් අපි නොඉවසිලිවන්තව බලාගෙන ඉන්නවා.කොහොම වුණත් 31 වෙනිදා වෙනකන් තමයි අපට ඔය ගීත 20 ගායනා කරන්න එපා කියලා තියෙන්නේ.එතනින් පස්සේ කරන්න තියෙන දේ සම්බන්ධව නීතියෙන් දැනුම් දෙනවා.අනිත් වැදගත් දේ තමයි මේ ගීත 20 කිව්වේ නෑයි කියලා අපේ ජීවිත නැති වෙන්නේ නෑනේ.ඕනම දේකට අපි ලෑස්ති වෙලා ඉන්නවා.

එකපාරටම එහෙම ප්‍රශ්නයක් උද්ගත වෙන්න හේතුව උනේ කියලා අපිටත් හිතාගන්න බැහැ.අපි අපේ සින්දු කියන්න කාටවත් තහනම් කරල නැහැ.අපේ සින්දු ජය ශ්‍රී සිංදු විදියට අපි කියනවා.ඒ වගේම අනෙක් අයටත් කියන්න තහනමක් කරල නැහැ.අපේ ගීත ඔක්කොම ලියාපදිංචි කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ.අපි ෂෝ එකක ඒ ගීත ගායනා කරනකොට ඒ සින්දු සින්දු ලිස්ට් එක එතන ඉන්න සංවිධායකවරයාට දෙනවා.ඉන්පසු සංවිධායකවරයා AKM ආයතනයට දීලා එම ආයතනය තුළින් තමයි අපිට ගෙවීම් කරන්නේ.ලංකාවේ collecting society එකක් නැහැ.ඒ නිසා coppyright සම්බන්ධව නීතිමය වශයෙන් ක්‍රියා කරන්න කිසිම විධිවිධාන තිබුණත් ඒවා සාර්ථක නැහැ.අන්න ඒකයි ක්ෂේත්‍රය තුළ මෙවැනි ප්‍රශ්න උද්ගත වන්නේ.



සෙලිබ්‍රිටි කියන වචනය අපි කිසිම වෙලාවක කරදරයක් කරගත්තේ නැහැ.අපිත් ජීවත් වුණේ සාමාන්‍ය මිනිස්සු වගේ.මම හිතන්නේ මිනිස්සු එක්ක බැඳුණු ජීවිතයක් ගත කළ නිසා තමයි මිනිස්සු අපිට මේ තරම් කැමති උනේ.අපි උපතින්ම නිවුන්නු වුණත් අපි වැඩ කටයුතු කළේ හරියට යාළුවෝ වගේ.මම හිතනවා මෙච්චර දුරක් එකට එන්න බලපෑම් සහගත වුණු මූලිකම කාරණාව ඒක කියලා.අපි ෆැශන් කරන්නේ natural විදියට.ඒ අලෙවිකරණය සඳහා හිතලම කරන දෙයක් නෙමෙයි.නමුත් එහෙම කරනකොට නිකන්ම අලෙවිකරණ උපායක් බවට පත්වෙනවා.අපි අපි විදියටයි විලාසිතා තෝරගන්න ඕන.

චේ ගුවේරගෙන් බොබ්මාලිගෙන් පස්සේ ජයශ්‍රීලා කියන තැන තමයි ගොඩක් අය ඉන්නේ.අපි ඒක දැකලා සහ අත්විඳලා තියෙනව. සමහර තාප්ප වල ත්‍රිරෝද රථවල පවා අපේ ෆොටෝ ගහලා තියෙනවා ඒ ගොල්ලො ලගින්.ඉතින් ඒ ගැන අවංකවම සතුටුයි”