ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් මත මෙගාවොට් 1000 ක යෝධ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම එකඟත්වය පළ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම ව්‍යාපෘතියට අදාළ යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම ආයෝජනය මෙරටට ලබා ගන්නේ ශී‍්‍ර ලංකා විදුලි (සංශෝධන) පනතට ප‍්‍රකාරව බවද කියැවේ.
මන්නාරම ප‍්‍රදේශයේ පවතින සුළං මගින් මෙවැනි විශාල සුළං බලාගාර ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකාවට මුදල් නොමැති නිසා මේ ආකාරයට විදේශ ආයෝජන මත බලාගාර ඉදිකිරීමේ වරදක් නොමැති බවත් අදාළ ගිවිසුම් අත්සන් කිරීමේදී එම බලාගාරවල මෙහෙයුම් කටයුතුවල අයිතිය ලංකා විදුලිබල මණ්ඩලය සතුවිය යුතු බවත් ඉංජිනේරුවන් පවසන බවද කියැවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval