ඊයේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය කාරක සභා විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම රත්නපුරේ මැනික් පොකුර ගැනගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ විමසීමක් කළ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කියා තිබුනේ එයට විශාල ඉල්ලුමක් ඇති නමුත් තවම විකුණන්නට හරි ලන්සුව ආවේ නැති බවයි.
රත්නපුරයෙන් සොයාගැණුනු කිලෝ 510 ක් බරැති මැණික් පොකුරට අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ලන්සුවක් ඉදිරිපත්ව තිබෙන බවත්, එංගලන්තයේ සුප්‍රසිද්ධ මැණික් වෙන්දේසියකදී එය සිදුවූ බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ එහිදී කීය.
නමුත් මැණික් පොකුරේ හිමිකරුවන් සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජිතයින් ඒ සදහා එකගත්වය පළ කර නොමැති බව රාජ්‍ය ඇමති ඒ සමග කියයි.
එම මැණික් පොකුර සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ලන්සුවක් ඉදිරිපත් කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය ලෝහාන් රත්වත්තේ කියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval