පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
ගොවීන්ට බෙදාහැරීම සඳහා පෞද්ගලික සමාගමක් නිෂ්පාදනය කරන ලද මෙම කාබනික දියර පොහොර මධ්‍යස්ථානයට ලැබී ඇත්තේ ඉකුත් 06 වැනිදාය.
ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ගබඩාව විවෘත කළ අවස්ථාවේ කාබනික දියර පොහොර කෑන් හයක් පුපුරා තිබූ බව ගොවිජන සේවා කොමසාරිස් ඒ.එච්.එම්.එල්.අබේරත්න පැවසුවේය.
මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද,පරීක්ෂණ කටයුතු සඳහා මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ලද සමාගමේ නියෝජිතයන්ටත්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් පැමිණෙන ලෙස දැනුම්දී ඇතැයිද ඔහු පැවසීය.
කාබනික දියර පොහොර නිසියාකාරව පදම්කර නොතිබීම නිසා මෙලෙස පුපුරා යන්නට ඇති බවත්, කාබනික දියර පොහොර සාමාන්‍යයෙන් පුපුරා නොයන බවත් කොමසාරිස්වරයා කියයි.
ගබඩා කිරීමේදී පවතින උෂ්ණත්වයත් සමග මෙවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇතැයි ඔහු කියයි.
පදවිය ප්‍රදේශයේ නිවාස කීපයක තිබූ දියර පොහොර කෑන් කීපයක්ද පුපුරා තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩබ්ලිව්.ඩබ්ලිව්.කුමාරසිරි සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval