tinkering-lasantha-dead

පොලිස් අත්අඩංගුවේ පසුවූ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා අද අලුයම කළුතරදී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය දන්වා ඇත.




ඔහු සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවද පොලිසිය කියා තිබේ.
සැකකරු සඟවා තිබූ ආයුධ සෙවීමට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවට දන්වා ඇත.
මාතර කැකණදුර ⁣ටින්කරින් ලසන්ත නොහොත් H.L.ලසන්ත නැමැත්තා අත්අඩංගුවට ගෙන කළුතර දූෂණ මර්දන ඒකකය මගින් රඳවා සිටි අතර මොහුව නිලධාරීන් දෙන්නෙකු පොලිස් කූඩුවෙන් රැගෙන ගොස් පසුව මෙම මරණය සිදුවී ඇත.