දිගින් දිගටම අවසන් නොවී පවතින ගුරු වර්ජනය තීරණාත්මක නිමාවක් සිදුවන ලකුණු අද පැවති සාකච්ඡාවකදී තහවුරු විය. ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ගැන අද දින නැවතත් අගමැතිවරයා හා ස්ටාලින් ප්‍රමුඛ නියෝජිතයින් අතර
සාකච්ඡාවක් පැවති අතර එහිදී වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ගුරු සංගම් නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති සාකච්ඡාවේදී ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් වැඩිවීම එකවර ලබාදීමටත් එම වැඩි කිරීම අයවැයෙන් ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මින් පෙර එකඟතාව තිබුනේ තෙවරක් හා දෙවරක් ලෙසින් වුවද වර්ජකයින් උත්සාහය අත්නොහැර එකවර දක්වා වෙනස් කරගන්නා ලදි.
ගුරු හා විදුහල්පති වෘත්තීය සමති සංධානය ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම අද ඉටුවුන බව ද ස්ටාලින් මහතා කී අතර මේ අනුව වර්ජනය අවසන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval