කෑගල්ල දේවාලේගම පුස්සැල්ල ප්‍රදේශයේ නිවසක් මතට නාය යාමක් සිදුවීමෙන් අද (10 දා) අළුයම නිවසක සිටි පියා හා පුතා අතුරුදන්ව තිබූ අතර ඔවුන් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කෙරිණි.
අවසානයේ මඩ තට්ටුවට යටව තිබියදී හමුදා නිලධාරින් විසින් පිය පුතුන්ගේ සිරුරු සොයාගනු ලැබීය.
ඒ වන විටත් මියගොස් තිබු බව පැවසේ. වයස අවුරුදු 70 ක් වන එම්.බී. ආර්.රණසිංහ, වයස අවුරුදු 32 ක් වන එම්.බී.ආර්දමිත් කුමාර රණසිංහ මෙසේ හමුවිය.
මෙම නාය යෑමෙන් නිවසේ සිටි මව වූ 68 හැවිරිදි නන්දාවතී තුවාල ලබා රෝහල් ගත කර ඇත.
දින හතරක් තිස්සේ නොකඩවා කෑගල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දේවාලේගම පොලිස් වසමේ මිනුවන්ගෙදර පුස්සැල්ල දේවාලේගම ප්‍රදේශයේ නිවස මතට පස් කන්දක් කඩා වැටුණ බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval