sirisena-cooray-death

හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අඟහරුවාදා (30) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට 90 හැවිරිදි වියේ පසුවිය.




1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා වූ ඔහු 1989 වසරේ 9 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් කොළඹින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ප්‍රේමදාස කැබිනට් මණ්ඩලයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස පත් විය.
ඔහු එක්සත් ජාතික පක්ෂ නායක රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී එහි මහලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.