sirikotha-dengue

එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය වන පිටකෝට්ටේ පිහිටි සිරිකොත මන්දිරයට එරෙහිව කෝට්ටේ නගරසභාව ගොනුකර තිබුණු ඩෙංගු බෝකිරීම සම්බන්ධ නඩුවකදී සිරිකොත ආයතනය වරද කරු වී ඇති අතර දඩ මුදල් ගෙවීමට සිදුවී ඇත.




සිරිකොත මන්දිරය පසුපස ඇති වාහන අංගනයේ නොසැලකිලිමත් ලෙස ගාල්කර තිබුණු රේසින් බෝට්ටු දෙකකින් එකක ජලය පිරී ඩෙංගු කීටයන් බෝවී ඇත. මෙම බෝට්ටු දෙක සිරිකොතට යාබද නිවසක පදිංචි ව්‍යාපාරිකයකුට අයත් විය.
සිරිකොත සේවය කරන සේවකයින් දෙදෙනකු මෙම ව්‍යාපාරිකයාගෙන් ගතමනාවක් ලබාගෙන මෙලෙස සිරිකොත ඉඩමේ බෝට්ටු ගාල් කිරීමට ඉඩ ලබා දී ඇත. අදාල දඩ මුදල ගෙවීමටද එකී ව්‍යාපාරිකයා මුදල් ලබා දී ඇති අතර පෙරකී සේවකයින් දෙදෙනා ම සිරිකොත වෙනුවෙන් උසාවියට ඉදිරිපත් වී ඇත.
 ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගවූ නඩුවේදී සිරිකොත ආයතනය වරද පිළිගෙන
 ඇති අතර මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 8000ක දඩයක් නියම කර ඇත.