mahindananda-maithripala

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර යන අය අතර අද දින පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇතිවිය.

 මහින්දානන්ද සිදු කර තිබූ කතාවක් මුල්කරගෙන හිටපු ජනාධිපති ප්‍රබල ප්‍රහාරයක් දියත් කරනු ලැබීය.
එහිදී සිරිසේන මහතා කියා සිටියේ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසිය යුතු නැති බවත්, ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනා නිසා බවත්ය.



හිටපු ජනපති මෙසේ කීය.

‘මට ගැහුවොත් මමත් ගහනවා. ඒ ගහන්නේ ගහපු විදිය හොයාගන්න බැරි වෙන්න. මට ගහන්න ඇවිත් 2014 උන දේ මතකනේ. ජනාධිපතිලාගේ වියදම් ගැන මගේ ධූරකාලෙ විතරක් නෙමෙයි ඊට කලින් හිටපු ජනාධිපතිලාගේත් හොයන්න. මේ ජනාධිපතිට සංචාර නැතිවුන හේතුව මොකක්ද කියලා කවුරුත් දන්නවා ඇතිනෙ. මගේ ධූර කාලේ මට විදෙස් රටවලින් ආරාධනා ආවා. මම වැය කලේ ජනාධිපති වැය ශීර්ෂය. කුණු අවුස්සගෙන යටට යනකොට කුණු ගඳ වැඩියි. ඒවා අවුස්සගන්නවා නම් අවුස්සගමු. මමත් ලෑස්තියි ඕන දේකට.
කවුරු කවුරුත් මතක තියාගන්න ඕන 2/3 තියෙන්නෙ තනි පක්ෂයක් නිසා නෙමෙයි. හවුල්කාර පක්ෂවල එකමුතුවක්. ඒ නිසා 2/3 ගැන කියවලා ඒකත් නැති කරගන්න එපා.  ‘