rohitha-lpl

ලංකා ප්‍රිමීයර් ලීග් ( LPL) ක්‍රිකට් තරඟාවලියට  ක්‍රීඩා කිරීමට තමා යොමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බව අගමැති බාලපුතු රෝහිත රාජපක්ෂ සඳහන් කර තිබේ.



රෝහිත රාජපක්ෂ LPL Dambulla Giants කණ්ඩායමට ක්‍රීඩා කරන බවට පැතිර යන ආරංචිය ගැන සිය ට්විටර් ගිණුමින් දන්වා ඇති ඔහු මීට මාස එකහමාරකට පෙර ඔක්තෝබර් මාසයේ ඒ ගැන කර තිබූ ප්‍රකාශයක් නැවත සිහිකැඳවමින් එම පුවත ප්‍රතික්ෂේප කර ඇත.


"කලින් නැවත නැවතත් සඳහන් කළ පරිදි, මට LPL තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට කිසිදු අදහසක් නැත."
උපුටා දැක්වීම ට්වීට්
   ඔක්තෝබර් 13
@OfficialSLC පරිපාලනය සමඟ සම්බන්ධ වීමට හෝ @LPLT20 සඳහා ක්‍රීඩා කිරීමට මට අදහසක් නැත.

රෝහිත එසේ කීවද අද දින Dambulla Giants කණ්ඩායමේ නිල ෆේස්බුක් ගිණුමට එක් කර තිබුනේ
ඔහු එම කණ්ඩායමේ පුහුණුවීම් සඳහා එක්වී සිටින ඡායාරූප කිහිපයකි.
ඔහුගේ අංකය 07 වන අතර ටීෂ්ර්ට් එකේ තිබුනේ චිචී 07 ලෙසිනි.

පෙර වාර්තාව
Dambulla 07 - චිචී