අයි.එස්.අයි.එස්. සංවිධානය සමග සබඳතා පවත්වන ලද ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සිදු කරන විශේෂ විමර්ශනයකට අදාළව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ වෙත දන්වා සිටියේය.
අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් සමග සබඳතා පවත්වමින්, අන්තවාදී මත පළ කරන ලදැයි කාත්තන්කුඩි පදිංචිකරුවන් වන ඒ.එච්. මොහොමඩ් ආමින්, ජමාල්දින් ලාෆිර් යන සැකකරුවන් දෙදෙනා සහ හත්දෙස්ස, දිවුලගහ පදිංචි එම්.ඒ.එම්. සකීම් නමැති සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දන්වා සිටියේය.
අන්තවාදි ක්‍රියාකාරකම්වල නිරත වෙන ලදැයි පොළොන්නරුවේ පදිංචි උවයිස් සෙයිෆ්‍රර් රහිමාන්, වැල්ලම්පිටිය පදිංචි යුනුස් සම්ප්‍ර තබ්රිස්, කාන්තන්කුඩි පදිංචිකරුවන් වන ඊබ්‍රාහිම් මොහොමඩ් සුහයිල්, සකීම් අර්සමාන් නමැති සැකකරුවන් සම්බන්ධනේ ද වෙනමම පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඉෂාර රත්නකාර
Comments
Post a Comment
Your comment will be visible after approval