එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ තීරණයක් ගන්නා බවට මේ දිනවල ආරංචි පැතිරයමින් පවතින අතරේ ඒ ගැන අද පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී කළ විමසීමේදී එවන් තීරණයක් මෙතෙක් ගෙන නැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කීවේ නව ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මෙරටට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ගැන සොයා බලන බවයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ මෙම රෝගය ලංකාවට ඒම පමා කිරීමට උපරිම උත්සාහ ගන්නා බවත් තවම එය පැතිරිමහෙි හැකියාව ඉතා අවම මට්ටමක පවතින බවයි
එසේම, නව ප්‍රභේදයේ ආසාදිතයින් හදුනාගත හැක්කේ, නියැදි පරීක්ෂණ හරහා පමණක් බවද ඔහු කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval