priyanka-jonas

හිටපු ලෝක රූ රැජිණක හා බොලිවුඩයේ ප්‍රකට නිළියක වන ප්‍රියංකා චොප්රා විවාහ වී සිටින්නේ ඇයට වඩා ළාබාල  නික් ජොනාස් නමැති විදේශිකයෙකු සමගිනි. 38 හැවිරිදි නිළිය හා 28 හැවිරිදි සැමියා අතර කාලයක් තිස්සේ නොගැළපීම් පැවති බවට කතා තිබුණි.
පසුගිය දිනවල කටකතාවක් පැතිර ගියේ ඇය ඔහුගෙන් වෙන්වන්නට සූදානම් බවයි. මීට හේතුවූයේ සමාජ මාධ්‍ය තුළ ඇය තැබූ සටහනකි. ඔහුගෙන් සමුගන්නා බව ඇය නොකියා කියා තිබුණි.
මේ අතර නික් ජොනාස්ගේ ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය වේදිකාවල ඔහු සිය බිරිය ප්‍රියංකාගේ නම සටහන්ව ඇතිතැන්වලින් එය ඉවත් කර තිබුණි.


රසිකයන් ක්ෂණිකව අනුමාන කිරීමට පටන් ගත්තේ දික්කසාදය ස්ථිර බවයි.
මේ අතර ප්‍රියංකා චොප්රාගේ මව මධු චොප්රා තම දියණිය සිය සැමියා වන නික් ජෝනාස්ගෙන් වෙන්වීම සම්බන්ධයෙන් පැතිරෙන කතා සියල්ල ව්‍යාජ ඒවා බවට දක්වමින් ප්‍රකාශයක් සිදු කර තිබේ.
 අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීමෙන් වළකින ලෙසත් ඇය අන්තර්ජාල පරීශීලකයින්ගෙන් ඉල්ලා තිබුණි.
2018 දෙසැම්බර් 01 වැනිදා ඉන්දියාවේ රාජස්තාන් හිදී විවාහ වූ යුවළ වසර 3 කට ආසන්න වෙද්දී වෙන්ව යාම ගැන මෙම කුතුහලය මතුවිය.
කෙසේ වෙතත් මෙම යුවළ පසුගියදා දිවාලි උත්සවය ද අලුතින් හැදූ නිවසේදී සැමරූ අතර ප්‍රියංකා ඇගේ සමාජ මාධ්‍යවල එම ඡායාරූප බෙදා ගත්තාය.
වෙන්වීමේ තීරණය ගැන ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර නැත.




ප්‍රියංකාගේ මව මධූ වම්පස දැක්වේ