වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක දෛනිකව ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පිරිත් විකාශය කරන අතර, ඊයේ (24) එය විකාශය නොකිරීම සම්බන්ධයෙන් එහි වැඩවසන ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීමක් සිදුව තිබේ.
ඇති වූ කතා බහ දුරදිග යාමෙන් එක් හිමි නමක අනෙක් හිමිනමට කැත්තකින් පහරදීම නිසා බරපතල තුවාල සිදුව තිබේ. ඒ හිමියන් රෝහල් ගතකර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.
තුවාල ලැබූ හිමිනම අලුත්ගම දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, උන්වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.
තුවාල ලබා ඇත්තේ 21 ක් හැවිරිදි හිමි නමති පහරදී ඇත්තේ ව හැවිරිදි හිමි නමකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval