Indian-Infertile-Rice-video-sparks-outrage-on-Indian-social-media

මිනිසුන් රොත්තක් එක්වී සහල් වලට වර්ණකයක් හෝ රසායනයක් මිශ්‍ර කරන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් නිසා ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ. සහල් ගබඩාවකින් කාන්දුවූ වීඩියෝවක් ලෙස නම් කරමින් බොහෝ අය අතර මෙය හුවමාරුවිය.


හින්දු ජනගහනය අඩු කිරීම සඳහා මුස්ලිම්වරුන් සහල් වලට රසායනික ද්‍රව්‍ය එකතු කරන බව කියමින් මෙම ක්‍රියාව 'රයිස් ජිහාඩ්' ලෙස නම් කරමින් මෙම වීඩියෝව රැල්ලක් ලෙස පැතිර ගොස් තිබේ.මේ වීඩියෝව සමග හින්ද බසින් පැතිරුණ සටහනේ මෙසේ දැක්විණි.

 “මේක රයිස් ජිහාඩ්. හින්දු භක්තිකයන් තම පවුල සහ දරුවන් බේරා ගන්නට කාලය උදාවෙලා. මුස්ලිම්වරුන්  අවිශ්වාසවන්තයින් බව තහවුරු වී ඇත. එවැනි සහල් මිලදී නොගන්න, සහල් වලට රසායනික ද්‍රව්‍ය දමා හින්දු ජනගහනය අඩු කිරීමට මුස්ලිම් ජාතිකයන් උත්සාහ කරන බව මෙම වීඩියෝවෙන් පැහැදිලි වෙනවා හින්දූන්ව ලෙඩ කරන විදියට බත් වලට මේ භයානක රසායනය එකතු කරනවා විතරක් නෙවෙයි ඔවුන්ට ඕනෑ හින්දු ජාතිය අතුගා දාන්නයි. ඒ නිසාමුස්ලිම් ආයතනවලින් කිසිම දෙයක් ගන්න එපා. කාන්තාවන් සහ ළමුන් තුළ, මෙම රසායනිකය මුල් ආබාධ ඇති කරනවාමයි, එය පිළිකා, හෘද රෝග, සමේ කැසීම, ඇස් පෙනීම අඩුවීම සහ දියවැඩියාව ඇති කරනු ඇති. ප්‍රවේශම් වන්න, හින්දු සාප්පු හිමියන් වෙත පමණක් සාප්පු යන්න.“




කෙසේ වෙතත් මේ ගැන තොරතුරු විමර්ශන (Fact Check) කණ්ඩායම් සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ දකුණු ඇමරිකාවේ පේරු හි සහල් මිශ්‍ර කිරීමේ පැරණි වීඩියෝවක් 'රයිස් ජිහාඩ්' ලෙස නම් කර මෙලෙස ව්‍යාජ ලෙස පතුරා ඇති බවයි.
ඔවුන් කතා කරන භාෂාව ස්පාඤ්ඤ වන බවත් සහල් මල්ලේ නම "Casserita" පේරු හි සමාගමක් වන බවත් එම විමර්ශනයේදී අනාවරණය විය.
ඒ අනුව ව්‍යාජ වීඩියෝවක් මගින් හින්දු - මුස්ලිම් සංහිඳියාව බිඳ දැමීමට උත්සාහ කිරීමක් ලෙස මෙය හඳුනාගෙන ඇත. මෙම වීඩියෝ පැතිරූ අය සම්බන්ධ විමර්ශනයක්ද ඉන්දීය පොලිසිය අරඹා ඇත.
වීඩියෝව පහතින්