Registrar-fired-for-glyphosate-OK-and-gazetted-Gazette-Reverse

වසර හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත් වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියයි.


ගැසට් එක වැරදි බවත් තහනම් කර ඇති පළිබෝධනාශකවල තහනම තවදුරටත් ක්‍රියාත්මක බවත් ඇමතිවරයා දන්වා ඇත.

මේ අනුව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කර ඇති 2021.11.01 දිනැති ගැසට් නිවේදනය බල රහිත කරන බවද ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවද අමාත්‍යවරයා දන්වා ඇත.

මෙවන් ගැසට්ටුවක් හිතුමනාපයට නිකුත් කිරීම ගැන පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන බවද කාෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ඊයේ නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක ගැසට් නිවේදනයෙන්  ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග 05 ක් ප්‍රදේශ කිහිපයක භාවිත කිරීමට පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබුණි.