mangala-last-respect-third-month

කෘතහස්ත දේශපාලනඥයකු වූ මංගල සමරවීර මහතා  දැයෙන්  සමුගෙන තෙමසක් සම්පූර්ණ වීම නිමිත්තෙන්
අවසන් ගෞරව දක්වන්නට නොහැකි වූ සියල්ලන්ට එතුමන්ට ගෞරව දැක්වීම සඳහා කොළඹ 8 බෞද්ධාලෝක
මාවතේ ජයරත්න ‘රෙස්පෙක්ට් හෝම්’ හි සමරවීර මහතාගේ භස්මාවශේෂ ඊයේ (25දා) තැන්පත් කර තිබිණි.




ඒ අනුව  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ‍ෙදාස්තර රාජිත
සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, මුජිබර් රහුමාන්, නලින් බණ්ඩාර,  රවුෆ් හකීම්, බුද්ධික පතිරණ, හර්ෂ ද
සිල්වා,  එස්.එම්. මරික්කාර්, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා,   ඇමැති සී.බී.
රත්නායක,  ඇමැති ලසන්ත අලගියවන්න, ඇමැති දයාසිරි ජයසේකර ඇතුළු දේශපාලකයන් පිරිසක් ගෞරව
දැක්වීම සඳහා පැමිණ සිටියහ.

අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ  භස්මාවශේෂ  අද (26දා) මාතරට රැගෙන ගොස් නූපේ
ඕලන්ද වෙළෙඳපොළ ශාලාවේ පස්වරු දෙකේ සිට හතර දක්වා තැන්පත් කර තිබෙන අතර ආගමික
වතාවත්වලින් පසු මාතර පොදු සුසාන භුමියේ ඇති  සමරවීර පවුලේ    සොහොනෙහි මෙම භස්මාවශේෂ
තැන්පත් කිරීමට නියමිතය.