රුසියානු ගල් අඟුරු පතලක ගෑස් කාන්දුවකින් 52 ක් මරුට

Ad Code

රුසියානු ගල් අඟුරු පතලක ගෑස් කාන්දුවකින් 52 ක් මරුට

dozens-of-people-including-rescuers-killed-in-coal-mine-accident-in-siberia

බ්‍රහස්පතින්දා රුසියාවේ සයිබීරියානු ගල් අඟුරු ආකරයක ගෑස් කාන්දුවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 52 දෙනෙකු මිය ගිය බව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සි ප්‍රකාශ කළේය. වසර 10 කට වැඩි කාලයක් තුළ රුසියාවේ සිදු වූ දරුණුතම පතල් ව්‍යසනවලින් එකක් ලෙස මෙය නම් කර ඇත.




වාතාශ්‍රය හීනවූ පතුලේ වළක් ගෑස්වලින් පිරී යාමෙන් පතල් කම්කරුවන් හුස්ම හිරවී මියගොස් ඇති බව මෙහිදී වාර්තාවී ඇත.රාජ්‍ය රූපවාහිනිය පැවසුවේ මීතේන් පිපිරීමක් සිදු වූ බවට  විශ්වාස කරන බවයි.
මොස්කව් සිට දළ වශයෙන් කිලෝමීටර් 3,500ක් (සැතපුම් 2,200ක්) නැගෙනහිරින් පිහිටි Kemerovo හි ගල් අඟුරු නිපදවන කලාපය වසර ගණනාවක් තිස්සේ මාරාන්තික පතල් අනතුරුවලට ලක්ව ඇත.
මෙහිදී විශාල පිරිසක් පිටතට ගෙන ඒමට උත්සාහ කිරීම සඳහාද පිරිස් යවන ලදි.
මියගිය බවට තහවුරුවූ ගණන 52 කි. හුස්ම හිරවූ නිසා අපහසුතාවයන් ඇති විශාල පිරිසක් රෝහල් ගත කර ඇති අතර සිව්දෙනෙකුගේ තත්වය බරපතල බවද පැවසිණි.


ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ තමා ආණ්ඩුකාරවරයා සහ හදිසි නිලධාරීන් සමඟ කතා කළ බවයි. ක්‍රෙම්ලිනය පැවසුවේ, උදව් සඳහා කලාපයට පියාසර කරන ලෙස හදිසි අමාත්‍යවරයාට නියෝග කළ බවයි.
කාර්මික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකපිට Listvyazhnaya පතලේ අධ්‍යක්ෂ සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරියා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රාදේශීය විමර්ශන කමිටුව පවසයි.
 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu