mammography

පියයුරු පිළිකාවලට ගොදුරුවීමේ සහජ අවදානම් තත්වයේ පසුවන හෝ පියයුරු පිළිකා පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්ට, විශේෂයෙන්ම බී.ආර්.සී.ඒ. ජානවලට ධන තත්වයේ පසුවන කාන්තාවන්ට, මැමෝග්‍රැෆි පරීක්‍ෂණවලට භාජනය වන   ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති. එහෙත් මැමෝග්‍රැෆි පරීක්ෂණවලට භාජනය වීම පියයුරු පිළිකා වළක්වාලීමට උපකාර නොවන බව හෙළි වී තිබේ.   පිළිකාවේ මුල් අවධියේදී පියයුරු පිළිකා හඳුනාගැනීමට  මැමෝග්‍රැෆි පරීක්ෂණ වෛද්‍යවරුන්ට උපකාර වුවද පියයුරු පිළිකාව වැඩීම ආරවීමට ප්‍රථම එය හඳුනාගැනීමට මෙම පරීක්ෂණ වාර්තා උපකාර නොවේ.

  පියයුරු පිළිකාව මුල් අවධියේ හඳුනාගතහොත් ඒ සඳහා කරන සැත්කමෙන් යහපත් ප්‍රතිඵල අත් වෙන අතර එම රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවකට වසර පහක් පමණ කාලයක් ජීවත් විය හැකිය.

එහෙත් පිළිකාව අවට ඇති පටකවලට පැතිරයාමෙන් පසු  හඳුනාගතහොත් සත්කමෙන් යහපත් ප්‍රතිඵල අත් නොවේ.  වැඩි අවදානම් තත්ත්වයේ පසුවෙන රෝගීන් රෝගය පාලනය කර ගැනීම   බී.ආර්.සී.ඒ. ජානවලට ධන තත්ත්වයේ පසුවන හා පියයුරු පිළිකා සම්බන්ධ පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්ට එය පාලනය කර ගැනීම සඳහා විකල්ප හතරක් තිබේ.

 01. පරීක්ෂාකාරීව සිටීම.

02. ඉතිරි ජීවිත කාලය පුරාවට ඊස්ට්‍රජන් අඩු කිරිමේ ඖෂධය ගැනීම. මෙම ඖෂධයේ අතුරු ආබාධ රාශියක් තිබේ. ඒවා නම් ආසාත, ඇසේ සුද, රුධිර කැටි ගැසීම, ගර්භාෂ පිළිකා සහ පෙණහලු අවරෝධනය ආදිය වේ.

03. සැත්කම් මගින් පියයුරු ඉවත් කිරිම.

04. සත්ව මූල ආහාරවලින් තොර හා ශුද්ධ කළ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු ආහාර ගෙන පරීක්ෂකාරිව  සිටීම.

සැත්කම් මගින් පියයුරු ඉවත් කළ කාන්තාවන් සම්බන්ධයෙන් සිව්වැනි විකල්පය වඩාත් සුදුසුය යනු තමාගේ හැගීම යයි ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් පෝෂණවේදියෙක් වන ටී. කොලින් කැම්බ ල් පවසයි.  දැනටමත් හඳුනාගෙන ඇති වර්ධනය වූ හදවත් රෝග, අක්මා පිළිකා හා දෙවැනි කාණ්ඩයට අයත් දියවැඩියාව වැනි රෝගාබාධ සඳහා ආහාරය ප්‍රතිඵලදායක ප්‍රතිකාරයක් බව සිහි තබාගත යුතුය.

- වෛද්‍ය ඩී.පී අතුකෝරල
උපුටන සටහන  - කේ.එන්.ඕ. අමරදාස