වැඩිවන නිෂ්පාදන වියදම හමුවේ සිය නිස්පාදන ගණනාවක මිල ඉහළ දැමීම හැර විකල්පයක් නැතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය දන්වා තිබේ.
ඒ අනුව හෙට (23) සිට බත් පැකට් එකක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
එසේම ‘ප්ලේන්ටී‘ කෝප්පයක මිලද රුපියල් 5කින් ඉහළ දමන බවද ඔවුන් දන්වා ඇත. මීට සමගාමීව අනෙක් නිෂ්පාදන කිහිපයක්ද මිලඉහළ යනු ඇති බව ඔවුන් පවසා ඇත.
ගෑස් මිල ඉහළයාම,ආහාර ද්‍රව්‍ය හිඟවීම හා මිල ඉහළයාම ආදී හේතු කිහිපයක්ම මෙම ඉහළදැමීම කෙරේ බලපාන බව ඔවුන් දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval