2021ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට පැවති ක්‍රීඩක වෙන්දේසියේදී තරග තහනමට ලක්ව ඇති කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තෝරා ගෙන තිබෙයි.
කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක තෝරා ගෙන ඇත්තේ ගාල්ල කණ්ඩායමට වන අතර නිරෝෂන් දික්වැල්ල දඹුල්ල කණ්ඩායමට තෝරා ඇත.
ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් වන කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, ධනංජයද සිල්වා සහ අකිල ධනංජය ක්‍රීඩන වෙන්දේසියේදී තෝරාගෙන නොමැත.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ලොව සුපිරි ක්‍රීඩකයින් රැසක්ද තෝරාගෙන තිබෙයි.
ඒ අතර ක්‍රිස් ගේල්, පෆ් ඩු ප්ලෙසිස්, ඉම්රාන් තහීර්, ටැබ්රයිස් ෂම්සි ද ඇතුළත්. මීට අමතරව අහමඩ් ශෙෂාඩ්, ටස්කින් අහමඩ්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් අමීර්, සෆ්රාස් අහමඩ්, වහබ් රියාස්, සොයිබ් මලික් යන ජාත්‍යන්තර ක්‍රිීඩකයින්ද මෙවර තරාගාවලියට එක් වෙති.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 04වනදා ආරම්භ වනු ඇත.
තේරුණ ක්‍රීඩක ලැයිස්තුව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval