අයහපත් කාලගුණය හේතුවෙන් මාදම්ප ප්‍රදේශයේ පියෙකු හා පුතෙකු සැඩ පහරට හසුවීම නිසා ඊයේ අනතුරට ලක්විය. 6 පන්තියේ පුතු කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ උපකාරක පන්තියකට රැගෙන ගොස් නැවත නිවෙස බලා එමින් සිටියදී ඔවුන් දෙදෙනා ජල පහරට හසුවී තිබුණි.
ගසාගෙන ගිය පිය පුතු දෙදෙනාගෙන් 38 හැවිරිදි වියේ පසුවූ පියාගේ සිරුර ඊයේ හමුවුණත් 11 හැවිරිදි පුතුගේ සිරුර අතුරුදන්වී තිබූ අතර අද කළ සෝදිසි කිරීම් වලින් පසු දරුවාගේ සිරුර අවාසනාවන්ත ලෙස මියගොස් තිබියදී හමුවිය.
මාදම්පේ මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එම දරුවා ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ අයෙකු බවද පැවසිණි.
සිරුරු සොයා ගැනීම සඳහා කුලියාපිටිය පොලීසිය ගම්වාසීන් සහ යුද හමුදාව එක්ව මෙහෙයුම් සිදුකර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval