lgbtiq-ama-dissanayake

සමලිංගික, සංක්‍රාන්ති මෙන්ම ද්වි ලිංගික ප්‍රජාව පිළිබඳව වැරදි මත සමාජ ගත කරමින් ප්‍රකාශ නිකුත් කළ බව කියමින් මනෝ උපදේශිකා අමා දිසානායකට එරෙහිව Equal Ground සංවිධානය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තාවේ.


LGBTIQ ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් වන සංවිධානයක් වන Equal Ground විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අනුව,  පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා මහනුවර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, යන මහත්වරුන්ට හා   අමා දිසානායක නම් තැනැත්තියට  එරෙහිව නොතිසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය විසින් අවසර ලබා දී ඇත.
මහනුවර සහ මාතලේ පොලිස් නිලධාරීන් සඳහා මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පුහුණු සිදු කළ වැඩ සටහනකදී ඇය මෙම අදහස් දක්වා ඇතැයි පෙත්සමේ දැක්වේ.
 මෙම පෙත්සම, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.ෙ
මෙරට තුළ LGBT ප්‍රජාව හට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් සංවිධානයක් විසින් මෙවැනි නඩුවක් ගොනු කරන ලද පළමු අවස්ථාව මෙය වන අතර, පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.
ඇයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හේතුවී ඇති ප්‍රකාශය ඇතුළත් වීඩියෝ කොටස පහත වීඩියෝවෙන්