Canada-suffers-catastrophic-flooding

කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රදේශයේ විනාශකාරී දැවැන්ත ගංවතුර සහ නායයෑම් නිසා විශාල පිරිසක් අවතැන්ව ඇති අතර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.


ධාරානිපාත වර්ෂාව සහ මඩ කඳු කඩාවැටීම් හේතුවෙන් මාර්ග විනාශ වී කඳුකර නගර කිහිපයක් හුදකලා වීමෙන් පසු එක් මරණයක් පමණක් දැනට බලධාරීන් විසින් තහවුරු කර ඇත. අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදහන් වී ඇත. පැසිෆික් වෙරළබඩ පළාතේ පුද්ගලයින් 18,000ක් පමණ අවතැන්ව සිටින බව කැනේඩියානු මහජන ආරක්ෂණ අමාත්‍ය මාර්කෝ මෙන්ඩිසිනෝ පැවසීය.

“ඉදිරි දිනවලදී ඊටත් වඩා මරණ සංඛ්‍යාවක් තහවුරු කිරීමට සිදුවනු ඇත,” බ්‍රිතාන්‍ය කොලොම්බියා ආණ්ඩුකරු ජෝන් හෝගන් පැවසුවේ, ව්‍යසනය වසර 500 කට වරක් සිදුවූ සිදුවීමක් ලෙස විස්තර කරමිනි.
ගංවතුර සහ මඩ නාය යෑම් හේතුවෙන් වැන්කුවර් හි රටේ විශාලතම වරාය වෙත ප්‍රවේශය ද ඇණහිට ඇති අතර, දැනටමත් පීඩාවට පත් වූ ගෝලීය සැපයුම් දාමයන් කඩාකප්පල් විය.
අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ කියා සිටියේ තම රජය “භයානක, බිහිසුණු ව්‍යසනයක” පත්ව ඇති බවත් ගොඩ ඒමට උදව් කරන බවයි.
බලපෑමට ලක් වූ සමහර නගර සීමිත ප්‍රවේශයක් සහ හිමාංකය සහිත දුරස්ථ කඳුකර ප්‍රදේශවල වේ.

(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)