අද (28) මධ්‍යම රාත්‍රී 12 සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට හා කොත්තුවක් රු 10 කින් ෂෝර්ට් ඊට්ස් 5 කින් බේකරි නිෂ්පාදන මිළ ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
සභාපති එන්.කේ ජයවර්ධන මහතා කියාසිටියේ. තිරිගු පිටි කිලෝවක මිල ඊයේ (27) සිට රුපියල් 17 කින් ඉහළ දැමීමට පිටි ආනයන සමාගම් පියවර ගෙන තිබෙන නිසා බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද මේවන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල හෙට (29) සිට ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇති අතර ඊයේ රාත්‍රියේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රැස්වී මේ පිළිබඳ අවසන් තීරණයක් ගෙන තිබුණි.
තිරිගු පිටි හිගයක්ද මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval