chamari-atapattu-leaves-sri-lanka

මේ දිනවල විවිධ ක්ෂෙත්‍රවල ප්‍රකට අය රට හැර යාමේ ප්‍රවණතාවයක් මතුවෙමින් පවතී. එම ගොන්නට අයත්වන අලුත්ම ප්‍රකට තැනැත්තිය චමරි අතපත්තුය.
ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි ඇගේ කන්ඩායම සමග කථාබහේ නිරත වට්ස් ඇප් සමූහයේ හිතවතුන්ට තමා ඉල්ලා අස්වන බවට හා රට හැර යාමේ තීරණය දැනුම් දී ඇතැයි විශ්වාසදායි ආරංචි වාර්තා කර තිබේ.


මෙම ඉවත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇයට ඇතිවූ කලකිරීමක්දැයි පැහැදිලි නැති නමුත් පුද්ගලික හේතු මුල් කරගෙන මෙම තීරණය ලබාගෙන ඇතැයි වාර්තාවේ.
මේ දක්වා ඇය නිල වශයෙන් මේ ගැන හෙලි කර නැති නමුත් ඇයගේ රට හැරයාම ස්ථිර බව සමීප ආරංචි වාර්තා කරයි.
පළමුව ශ්‍රී ලංකා පිලෙන් ඉවත් වීමටත් පසුව විදේශගත වීමටත් ඇය සැලසුම් කර ඇත.

අතපත්තු මුදියන්සේලාගේ චාමරි ජයංගනී  1990 පෙබරවාරි 9 උපත තබා ඇත.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්  විස්සයි20 ජාත්‍යන්තර කණ්ඩායමේ වත්මන් නායිකාව වේ. ඇය කෙටි කලක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කලාය. 2017 නොවැම්බර් මාසයේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සම්මාන උළෙලේදී 2016-17 වාරයේ වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඇය නම් කරන ලදී.
ඇය ආක්‍රමණශීලී පිතිකරණයට ප්‍රසිද්ධය.

2013 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ දී එංගලන්ත කාන්තාවන්ට එරෙහිව වේගවත් අර්ධ ශතකයක් ලබා තරගය ජයග්‍රහණයට උපකාර කළාය. ඇයගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තාවන් පකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහිව T20I තරඟාවලිය ජයග්‍රහණය කරන ලදි.ක්‍රිකට් දිවියේ පස් වතාවක් එක්දින ශතක රැස් කළ එකම ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව චමරි පමණි.