දකුණු කොළඹ කළුබෝවිල ශීක්ෂණ රෝහල ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව පෙරවරුවේ වාර්තා විය.
ගොඩනැගිල්ලේ පහත මාලය හා ආසන්නයේ පිහිටි ඒටීඑම් යන්ත්‍ර කුටීරයද ගින්නට හසුවී අර්ධ වශයෙන් විනාශවී ඇත.
ගින්න මැඩපැවැත්වීමට දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ දෙකක් යොදාගත් බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙන අතර, මේ වනවිට ගින්න මැඩපවත්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval