ගාල්ල දිස්ත්‍රික් දේශපාලනඥ බන්ටි ආනන්ද මහතා ගෑස් විපත්වලින් ජනතාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සීනිගම දේවාලයේ දේව කන්නලව්වක් කළ බව වාර්තාවේ.
ඔහු එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කැදවුම්කරුය.
දේවාලය වෙත සිය නිවසේ ගෑස් ටැංකිය ඔසවාගෙන ආ ඔහු සිය ගෑස් ටැංකියේ පඩුරක් ගැටගසා මෙම කන්නලව්ව කළේ සියලුම ශ්‍රී ලාංකිකයින් ගෑස් පිපුරුම් වලින් බේරාදෙන ලෙස ඉල්ලමිනි.