ප්‍රංශයේ සිට එංගලන්තයට ඉංග්‍රීසි ඕඩය හරහා ඩිංගි යාත්‍රාවකින් තරණය කිරීමට උත්සාහ කළ සරණාගතයින් සහ සංක්‍රමණිකයන් 31 දෙනෙකු උතුරු කැලේස් වෙරළට ඔබ්බෙදී එම ඩිංගි යාත්‍රාව ගිලී යාමෙන් සියලු දෙනා මිය ගොස් ඇති බව ප්‍රංශ පොලිසිය පවසා තිබේ.
Calais නගරාධිපති Natacha Bouchart බදාදා BFM රූපවාහිනියට පැවසුවේ පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කළ හැකි බවයි.
සංක්‍රමණ සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් 2014 දී දත්ත රැස් කිරීම ආරම්භ කිරීමෙන් පසු ඉංග්‍රීසි ඕඩයේ සිදු වූ විශාලතම ජීවිත හානිය ලෙස මෙය හැඳින්විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
ධීවරයින්ට අනුව, ජලය දැඩි ලෙස සීතල වුවද, බදාදා සන්සුන් මුහුදු තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා වෙනදාට වඩා වැඩි සරණාගතයින් සහ සංක්‍රමණිකයන් ප්‍රංශයේ උතුරු වෙරළ තීරයෙන් පිටව ගියහ. එක් ධීවරයෙක් හිස් ඩිංගි යාත්‍රාවක් සහ ඒ අසල නොසෙල්වී පාවෙමින් සිටිනු දැකීමෙන් පසු ගලවාගැනීමේ සේවා ඇමතීය.
සෝදිසි කිරීම් සඳහා සහභාගී වීමට බෝට්ටු තුනක් සහ හෙලිකොප්ටර් තුනක් යොදවා ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් බෝට්ටුව පෙරලීම “ඛේදවාචකයක්” ලෙස හැඳින්වීය.
Comments
Post a Comment
Your comment will be visible after approval