The-British-MP-who-came-to-Parliament-with-a-baby-in-her-arms

බ්‍රිතාන්‍ය ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියක වන ස්ටෙලා ක්‍රේසි අඟහරුවාදා පාර්ලිමේන්තුවේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ පැවති විවාදයට තම තෙමස් වියැති පුතාවද රැගෙන ගියාය.



මෙය විවිධ විවේචනයන්ට භාජනයවූ අතර එදිනම ඇයට පාර්ලිමේන්තු  පුද්ගලික ලේකම්වරයාගෙන් මාර්ග  ලිපියක් ලැබුණි, ළදරුවාගේ පැමිණීම කොමන්ස් සහ වෙස්ට්මිනිස්ටර් හි හැසිරීම සම්බන්ධයෙන් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද “හැසිරීම සහ ආචාරශීලීත්වය” පිළිබඳ නීතිරීතිවලට අනුකූල නොවන බව එහි සඳහන් විය. මෙම ශාලාව, සමහර මන්ත්‍රීවරුන්ගේ සැසි සඳහා භාවිතා කරන ඓතිහාසික ගොඩනැගිල්ලකි.



44 හැවිරිදි ක්‍රීසි පැවසුවේ තමා මීට පෙර තම පුතා සහ ඇගේ වැඩිමහල් දියණිය යන දෙදෙනාම කිසිදු ගැටළුවක් නොමැතිව පාර්ලිමේන්තුවට ගෙන ගිය නමුත් සැප්තැම්බර් මාසයේදී නීති වෙනස් වූ පසු මේ තහනම් නීති මතුව ඇති බවයි. බිළිඳා සමඟ විවාදයකට සහභාගී වීම නිසා නිල තරවටුවක් ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවේ නීති පොත ප‍්‍රතිසංස්කරණය කරන ලෙස ඇය ඉල්ලා තිබේ.

"මට බබෙක් ලැබුණා, නමුත් මම වෘත්තිය අත්හැරියේ නැහැ, අපේ දේශපාලනය සහ අපගේ ප්‍රතිපත්ති සම්පාදනය වඩා හොඳ වන්නේ මේ මේසයේ වැඩිපුර මව්වරුන් සිටීමෙන්" ඇය තවදුරටත් පැවසුවාය.

(අල්ජසීරා ඇසුරිනි - Gossiplankanews.com)