එයාර්බස් A340 ගුවන් යානයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ අයිස් මත ගොඩ බැස ඉතිහාසගත වී තිබේ.
ඇන්ටාක්ටිකාව ආරක්ෂිත ගොඩබිමක් බවට ඒත්තු ගැන්වීමට මෙම කටයුත්ත සංවිධානය කළේ
සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන Hi Fly නම් සමූහ ගුවන් සමාගමයි.





Hi Fly 801 ලෙස නම් කර ඇති මෙම ගුවන් යානය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරින් ගුවන් ගත වී පැය පහක ගමනකින් පසු ඇන්ටාක්ටිකාවට ගොඩ බැස්සේය. පසුව ප්‍රවර්ධන කටයුත්ත සිදු කර නැවත කේප් ටවුන් වෙත ආපසු ගිය අතර සමාගම  මෙම ගුවන් යානයේ වීඩියෝව දැන් නිකුත් කර ඇත.

ඇන්ටාක්ටිකාවේ, වසර පුරා මීටර් කිහිපයක් උස අයිස් තට්ටුවක් පවතී. අඩි 3000ක් දිග අයිස් මත මෙම ධාවන පථය ඉදිකර ඇත. මගීන් 290ක් සහිත අඩි 223ක් දිග ගුවන් යානය ගොඩබෑමට පෙර 2019 සහ 2020 අතර අත්හදා බැලීම් 6ක් පමණ සිදු කරන ලදි.

Hi Fly සමාගම පැවසුවේ ඇන්ටාක්ටිකාව නැගී එන සංචාරක කලාපයක් බවයි. එබැවින් සමාගම මෙහි තවත් බොහෝ ව්‍යාපෘතිවල වැඩ කරමින් සිටී.

ඕස්ට්‍රේලියාවේ හමුදා නියමු සහ ගවේෂක ජෝර්ජ් හියුබට් විල්කින්ස් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවට පියාසර කළේ 1928 දී ය. ඔවුන් ඇන්ටාක්ටිකාවට පැමිණියේ ලොක්හීඩ් වේගා 1 මොනොප්ලේන් මගිනි. මෙතෙක් ඇන්ටාක්ටිකාවේ ගුවන් තොටුපළක් ඉදිකර නැත, නමුත් ගොඩබෑමේ තීරු සහ ධාවන පථ 50 ක් ඇත