covid19-ampara-clinic

කෝවිඩ් එන්නත් ලබාගත අතුරු ආබාධ ඇතිවන පුද්ගලයන් සඳහා පැවැත්වූ දේශිය වෛද්‍ය සායනයකට ඉඟිනියාගල පොලීසිය විසින් තහනම් නියෝගයක් ලබා ගැනීම නිසා පෙරේදා (20දා) පොලීසිය, ප්‍රදේශවාසීන් සහ දේශීය වෛද්‍යවරු අතර උණුසුම් ගැටුම්කාරී තත්වයක් හටගත්තේය.

කෝවිඩ් මාරයා වැලැක්වීමේ එකමුතුව විසින් කෝවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසුව සංකූලතා ඇතිවූ පුද්ගලයන්ට වන දේශීය වෛද්‍ය සායනයක් අම්පාර. ඉගිනියාගල. නාමල්තලාව ශ්‍රී ශෛල්‍යබිම්බාරාමයේදී සංවිධානය කර තිබිණි. මේ අතර මෙම වෛද්‍ය සායනය පැවැත්වීම වළක්වන ලෙසට ඉඟිනියාගල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝගය ලබාගෙන තිබිණි.

එහෙත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන පැමිණීමට පෙර සිටම ශෛල්‍යබිම්බාරාම විහාරස්ථානය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

සායනයට කෝවිඩ් එන්නත ලබාගෙන සංකූලතා ඇතිවූ පුද්ගලයන් තුන්සියයක් පමණ ලියාපදිංචි වී සිටි අතර අධිකරණ නියෝගය ඉදිරිපත් කිරීමට පෙර සිටම සායනයට පැමිණි පුද්ගලයන් හරවා යැවීමට පොලිසිය කටයුතු කර තිබිණි.මේ අවස්ථාවේදී පොලීසිය සමග ප්‍රදේශවාසීන් හා දේශීය වෛද්‍යවරු අතර උණුසුම්කාරී තත්වයක් ඇති විය. මෙහිදී පොලිස් නිලධාරින් විසින් අධිකරණ නියෝගය රැගෙන පැමිණි නියෝගය කියවන ලදී.අධිකරණ නියෝගය නොතකා හරිමින් කෝවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසුව සංකූලතා ඇති වූ පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදුන්නහොත් දේශීය වෛද්‍යවරු අත්අඩංගුවට ගන්නා බවට පොලිසිය දැනුම් දුන් අතර ඒ සමගින් වෛද්‍යවරු එතැනින් ඉවත්ව නාමල්තලාව වෙද මැදුරේදී වෛද්‍ය සායනය පැවැත් වූහ.



මෙම වෛද්‍ය සායනය සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංවිධානය කර තිබූ බවත්, අධිකරණ නියෝගයට ගරු කරමින් සායනය ශෛල්‍යබිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්වීම වෙනුවට අසල තිබූ වෙද මැදුරේදී පැවැත්වූ බව දේශීය වෛද්‍ය සුමුදු ලියනාරච්චි සඳහන් කළාය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද සඳහන් කළාය.

"නොමිලේ බෙහෙත් දෙන්න හැදුවේ අහිංසක රෝගීන්ගේ රෝගාබාධවලට. අපි සියලුම සොඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කළා. කෝව් එන්නත ලබා ගැනීමෙන් පසුව සංකූලතා ඇතිවූ පුද්ගලයන් තුත්සියයක් පමණ කල් ඇතිව මෙහි ලියාපදිංචි වී සිටියා.අපි අධිකරණ නියෝගයට ගරු කරමින් විහාරස්ථානයේ සායනය නොපවත්වා සිටියා. ඒත් ලියාපදිංවි වූ සංකුලතා ඇතිවූ පුද්ගලයන් සම්බන්ධයෙන් දේශීය වෛද්‍යවරු ලෙස අපිට තිබෙන වගකීමෙන් මිදෙන්න බැහැ. ඒ නිසා තමයි අසල තිබූ දේශීය වෙද මැදුරේදී රෝගීන් සදහා සායනය පැවැත්වූවා."