anura-kumara-speaks

ජනාධිපතිවරයා මිරිහානේ නිවෙසේ සිටිනවාට තමා පෞද්ගලිකව කැමැති නැතැයි ජාතික ජන බලවේගය පැයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුර්වේදී පෙරේදා (20) පැවැසීය.  ජනාධිපතිවරයා මිරිහානේ තමන්ගේ නිවෙසේ පදිංචිව සිටීම හොඳ තීරණයක් වුවත්, 

තමා කැමැති ඔහු ජනාධිපති නිවෙසට යන එක බව පැවැසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා මිරිහානේ නිවෙසේ සිටීම ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බව ද සඳහන් කළේය.  ජනාධිපති සිටින නිසා පොලිසිය යොදවා ඒ අවට නිතර නිතර පරික්ෂා කිරීම් සිදු කරන හෙයින්, ජනතාවට නොයෙකුත් හිරිහැර සිදුවන බවත්, අවට කුඩා කුඩා ව්‍යාපාරවලට පවා මෙමගින් විශාල  බලපෑමක් ඇති වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.


ඒ අවට පදිංචිව සිටින තමාගේ මිත්‍රයකු  මේ තත්වය නිසා ඔවුනට විඳීමට සිදු වී ඇති දුක් ගැහැට පිළිබඳව තමාට දැනුම් දුන් බව ද ඔහු පැවැසුවේය.  අනුර දිසානායක මහතා මෙසේ පැවැසුවේ, අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ  විවාදයේදීය.

මේ අතර, රට වටේ ඇති ජනපතිවරයාගේ නිල නිවාසලවට ජනාධිපතිවරයා එක දිනක්  හෝ ගොස් නැති බවත්, ඒවා අද ප්‍රයෝජනයට ගන්නේ යාළු මිත්‍රයන්, ගජ මිත්‍රයන් පමණක් බවත් අනුර කුමාර දිසානායක මහතා එහිදී කීවේය.  ජනපතිවරයාගේ නිල නිවාස හත අටක් රට පුරා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.