chandrika-media

අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට ගෞරව දැක්වීමේ උත්සවයකට සහභාගි වී සිටියදී මාධ්‍යවේදියෙකු නොගැලපෙන ප්‍රශ්නයක් ඇසීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මාධ්‍යවේදියෙකුට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළාය.



කොළඹ 08 ‘රෙස්පෙක්ට්’ ජයරත්න ප්‍රභූ මධ්‍යස්ථානයේ  පැවති එකී අවස්ථාවට හිටපු ජනාධිපතිවරිය සහභාගී වී වාහනයට නික්ම යද්දී දෙරණ හා හිරු නාලිකා නියෝජනය කරන මාධ්‍යවේදියෙකු මුලින් මංගල සමරවීර ගැන පවසන්නැයි අගෙන් ඉල්ලා සිටි නමුත් ඇය 'මංගල ගැන මං ඕනෑ තරම් වොයිස් කට් දීලා තියනවා. ඒවයින් ගන්න කියමින්' මග හැරි අතර අනතුරුව දෙවැනි තැත ලෙස ඔහු පොහොර ආනයනය ආරම්භ කිරීමට ගත් තීරණය පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළේය.
එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පුද්ගලයකු අනුස්මරණය කිරීමේ උත්සවයකදී දේශපාලන ප්‍රශ්නයක් ඇසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියාට දැඩි ලෙස බැණ වැදුණාය.
‘පිස්සුද අයිසෙ මේවගේ තැනක දේශපාලනේ කතාකරන්න‘ ඇය බැණවැදී වාහනයට නැංගාය.

අදාළ වීඩියෝව පහතින්