Brother-sentenced-to-15-years-in-prison-for-abusing-sister's-13-year-old-daughter

 සිය අක්කාගේ 13 හැවිරිදි බාල වයස්කාර දියණියක රවටා අවස්ථා කිහිපයකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ චූදිතයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා පෙරේදා (24දා) වසර 15ක බර වැඩ සහිත සිර දඩුවමක් නියම කළේය.



දඩුවමට අමතරව චූදිතයාට රුපියල් 50,000ක දඩයක් හා රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. අම්බලන්තොට, මාමඩල බැමිණියම්වෙල පදිංචි දෙදරු 52 හැවිරිදි චන්ද්‍රදාස ජයවර්ධන නමැත්තෙකුට මෙසේ දඬුවම් නියම කෙරිණි.චූදිතයා විසින් 2014.04.01 දින මාමඩල පිහිටි සිය අක්කාගේ නිවසේ රැදී සිටිමින් නිවැසියන් නොමැති අවස්ථාවලදී චුදිතයාගේ අක්කාගේ 13 හැවිරිදි බාලවයස්කාර දැරිය රවටා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.

පසුව දැරිය සිද්ධිය පිළිබදව පාසල් ගුරුවරියකට පැවසීමෙන් පසු දෙමාපියන් දැනුවත් කර සිද්ධිය පිළිබද අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මාමා වන චූදිතයා අක්කාගේ නිවසේ රැදී සිටිමින් නිවැසියන් නොමැති අවස්ථා ගණනාවකදීම දැරිය බරපතළ ලෙස ලිංගික අතවරයට ලක් කර ඇති බවයි. ඒ අනුව අත්අඩංගුවට පත් සකකරු හම්බන්තොට මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පවති මූලික නඩු විභාගයෙන් පසු නිතිපතිවරයා විසින් චූදිතයාට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කරනු ලැබීය.ඒ අනුව පැවති නඩු විභාගයෙන් පසු පැමිණිල්ල විසින් චූදිතට එරෙහිව නගා තිබූ අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චූදිතට දඬුවම් නියම කිරීම සිදු කෙරුණි.

(සූරියවැව - නුවන් ජයසේකර)-