ඊයේ (22) ජනාධිපති කාර්යාලයේදී රජයේ පොහොර සමාගම් සභාපතිවරුද ඇතුළු පිරිසක් සමග පැවති විශේෂ සාකච්ඡාවේදී ඇතැම් සභාපතිවරු සතුව පොහොර පිළිබඳ දත්ත නොමැතිවීම හේතුවෙන් ජනපති සිය අප්‍රසාදය පළ කර ඇතැයි වාර්තාවේ.
මේ ගැන දොස් පැවරූ ජනාධිපතිවරයා දැන්ම ගිහිං දත්ත රැගෙන එන ලෙස සභාපතිවරු දෙදෙනෙකුව රැස්වීම් ශාලාවෙන් පිටමං කර ඇතැයිද වාර්තාවේ.
“කොච්චර ලබාගන්න තියෙනවද? දැන් ඔයා කෙටියෙන් කියන්නේ ඔයා දන්නේ නැහැ කියලනේ. ඔයගොල්ලො දෙන්නා එළියට ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එකක් දාලා අහගෙන ලියාගෙන එන්න. ඔයගොල්ලො දැනගන්න ඕන මෙච්චර ගාණක් ඕනද? මෙච්චර පොහොර ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. ඉස්සරහට මෙච්චර ලැබෙන්න තියෙනවද? සරල දෙයක්නේ.”
ජනපති පැවසූ පසු ඔවුන් දෙන්නා නැගිට ගිය බව වාර්තාවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval