පසුගියදා විවෘත කරන්නට යෙදුණ සඳහිරු සෑය ‘යුද ජයග්‍රහණයක්සැමරීම‘ වෙනුවෙන් ඉදිකිරීම උචිත නොවූ බවට පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පසුගිය සතියේ අදහස් දක්වා තිබූ අතර පසුගිය මහින්ද රාජපක්ෂ ජනපති සමයේ මෙම ඉදිකිරීම සිදු කර ඇත්තේ තවත් කිහිපදෙනෙකුගේම නොකැමැත්ත මත බව දැන් අනාවරණය වේ.


 පුරා විද්‍යා භූමියක පිහිටා ඇතිනිසා එය ඉදිකිරීම සදහා එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වනරයාගෙන් අනුමැතිය ලබාගතයුතුවූ නමුත් ඔහු ඊට කැමතිවී නැත.
අවශ්‍ය භූමිය තමන්ට කියා අනුමත කර ගත්තේ රාජ්‍ය බලය මත පීඩනයක් ඇති කර බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක දැන් පවසයි.

චමුදිතසමරවික්‍රම මහතාගේ යූටියුබ් නාලිකාව වෙත අදහස් දක්වමින් මහතා ආචාර්ය සෙනරත් දිසානායක කියා සිටියේ, තමන් මෙම ස්ථානයේ ස්ථූපයක් නිර්මාණය නොකරන ලෙසට එවක මහින්ද රජයෙන් ඉල්ලා සිටි බවයි. ස්ථූපයක් ඉදිකිරීමට අත්‍යවශ්‍ය නම්,  මීට වඩා කුඩා ස්ථූපයක් ඉදිකිරීමට විකල්පයක් ඉදිරිපත් කළ බවද
විශාල එකක් සඳහා වියදම් කළ මුදල ජාතික අපරාධයක් බවද ඔහු කීය
එම මුදල් අසරණවූ රණවිරුවන් වෙනුවෙන් වියදම් කළේ නම් වඩාත් යෝග්‍ය බව ද ඔහු එහිදී කියයි.
මෙම කරුණු මත තමන්ට රාජ්‍ය සේවය ගැන කළකිරුණු බවද හෙතෙම කීය.



අදාළ වැඩසටහන පහතින්