කීර්තිමත් දේශපාලඥ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තෙමසක් පිරීම නිමිත්තෙන් ආගමික වතාවත් සංවිධානය කර තිබේ.
ඔහුගේ පවුලේ සමීප අය විසින් සංවිධානය කර ඇති උත්සව 2021 නොවැම්බර් 23, 25 සහ 26 යන දිනවල සිදු කෙරේ.23 වනදා ගල්කන්දේ ධම්මානන්ද හිමියන් තුන්මාස බණ දේශනාව අන්තර්ජාලය ඔස්සේ සජීවීව ඉදිරිපත්කරනු ඇත.
අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ නොවැම්බර් 25 වැනිදා කොළඹ - 08
‘රෙස්පෙක්ට්’ ජයරත්න ප්‍රභූ මධ්‍යස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිත අතර 26 වනදා මාතර ඕලන්ද මාර්කට්ටුවේ තැන්පත් කර තබා පසුව පවුලේ සුසාන භූමියේ සොහොනක පිහිටවනු ඇත.
නොවැම්බර් මස 25 සහ 26 යන දෙදින තුළ පැවැත්වෙන ආගමික වතාවත් සඳහා සහභාගී වන සියලුම දෙනා COVID-19 ආරක්ෂක පියවරයන් පිළිපදින ලෙස ඉල්ලා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval