ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද ආරම්භක දිනයේ අනතුරක් වාර්තා විය. දිමුත් කරුණාරත්න එල්ල කළ පහරක පන්දුවක් හිසේ වැදීමෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවක ක්‍රීඩක ජෙරමි සොලොසානා රෝහල් ගත කෙරුණා. පන්දුව හිසේ වදින අවස්ථාවේ දී සොලොසානා පන්දු රකිමින් සිටියේ ශෝට් ලෙග් ස්ථානයේයි.
දිමුත් කරුණාරත්න එල්ල කළ පුල් පහරක් සොලොසානාගේ හෙල්මටයේ වැදීමෙන් අනතුර සිදුවුණා. වෛද්‍ය පරීක්ෂණයට ලක්කර ඔහුගේ හිස ස්කෑන් කෙරුණු අතර හිස්කබලට කිසිඳු හානියක් සිදුව නොමැති බව වෛද්‍යවරුන් තීරණය කර ඇත. සොලොසානා රෝහල් ගත කිරීම සඳහා කොළඹට රැගෙනවිත් තිබෙයි.
අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදුන් අතර දිනය අවසන් වනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 267 ක් රැස්කර ගන්නා ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval