jeewan-kumaratunga-speaks

ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංග සතිඅන්ත පුවත්පතකට මෙසේ අදහස් දක්වා තිබේ.

*ජීවන්-අනෝජා යුවළ රිදී තිරයේ අවසන් පෙම් යුවළ ලෙස බොහෝ විචාරකයන් හදුන්වනවා?

අනෝජා විරසිංහ හා මම එකදිගට චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වුණා. මම චිත්‍රපට සීයකට
අධික ප්‍රමාණයක් රඟපා තිබෙනවා. නමුත් අනෝජා විරසිංහ සමඟ රඟපෑ චිත්‍රපට එකදිගට සිනමා
මණ්ඩල පහේම මාස 6ක් හෝ 7ක් එකදිගට ප්‍රදර්ශනය වුණා. ඉස්සර චිත්‍රපටයක් තිරගත කරනවිට විජය
- මාලනී - ජීවන් - අනෝජා රඟන ලෙස ප්‍රචාරණය කරනවා. එකී ප්‍රචාරණයන් තුළ අප වටා එක්
රොක් වූ ප්‍රේක්ෂකයන් චිත්‍රපටය නැරඹීමට පැමිණෙනවා. වර්තමානයේ එසේ යුගලයන් පිළිබඳව කතා
බහට ලක් නොවන්නෙ ප්‍රේක්ෂකයන් වර්තමාන රංගන ශිල්පීන් බොහොමයක් නමින් හදුනන්නෙ නැති නිසයි. ඒ වගේම එසේ නම් සඳහන් කළත් එයින් ප්‍රේක්ෂක ආකර්ෂණයක් බලාපොරොත්තු විය නොහැකියි.



*ඔබ ව්‍යංගයෙන් පවසන්නේ නවකයන්ගේ තරු ගුණය ගිලිහිලා කියලද?

තරු ගුණය ගිලිහිලා කියන සත්‍ය අප පිළිගත යුතුයි. එය රංගන ශිල්පීන්ට පමණක් සීමා වූවක් නොවෙයි. එය
සමස්ත සමාජයේම ඇතිවූ විප්ලවකාරී වෙනසක්. කිසිම ක්‍ෂේත්‍රයක විශේෂ පුද්ගල නාමයන්ගෙන් ජනප්‍රිය
වූ චරිත අද දක්නට ලැබෙන්නේ නැහැ.



*විජය කුමාරතුංග හා පැවැති ඥාතිත්වය ඔබට ආශීර්වාදයක් වුණේ කොහොමද?

මං කුඩා කාලයේ බාප්පා සිටියේත් අපේ නිවෙසේමයි. බාප්පා හැදුනෙ වැඩුණේ මාගේ පියාගේ සෙවණෙයි.
ඒ නිසාම බාප්පා හා අප අතර බෙහෙවින් සමීප සම්බන්ධතාවක් තිබුණා. බාප්පා චිත්‍රපටවලට සම්බන්ධ
වෙලා ජනප්‍රිය වූ කාලයේ මං පාසල් නාට්‍යවලට වගේම ගමේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වි
රඟපෑවා. ඉන් පසු රඟපෑමට ඇති ආසාව අම්මගෙ මාර්ගයෙන් මම බාප්පට ප්‍රකාශ කළා. මම අතින්
ඇදගෙන යන්නේ නැහැ.

මම හදපු මාර්ගය ගිහින් දස්කම් පෙන්වන්න යැයි බාප්පා මට අවවාද කළා. නමුත් ඔහු අධ්‍යක්ෂවරුන්
කිහිපදෙනකුට මාව හ¾දුන්වලා දුන්නා. ඒ අනුවයි මමයි රජා, ජය අපටයි, නැවත හමුවෙමු වැනි
චිත්‍රපටවලට සම්බන්ධ විමට මට අවකාශ ලැබුණේ. ඔහු මියගියත් මගේ දේශපාලන ගමන තුළ වගේම
රංගන ගමන තුළ හැමදාම දැවැන්ත සෙවණැල්ලක් බවට පත් වුණා. මගේ වගකීම වුණේ ඔහුගේ ගෞරවය
රැකෙන විදිහට කටයුතු කිරීමයි.
(සාකච්ඡාව - Vishmi Jayanika- Hadagesma)