වික්ටෝරියා ජලාශය සහ වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවූ සැකකරුවන් තිදෙනෙකු, අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පිරිමි දෙදෙනෙකු සහ කාන්තාවක වූ මෙම සැකකරුවන් ඊයේ (13) අලුයම නිසි අවසරයකින් තොරව,
ඩ්‍රෝන කැමරාවකින් වික්ටෝරියා වේල්ල ජලාශය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුරු ප්‍රදේශය වීඩියෝ කර තිබේ.
යුද හමුදා නිලධාරීන් තෙල්දෙණිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 28 සහ 34 යන වයස්වල පසුවන ගොතටුව සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවට හඳුනාගෙන තිබේ. සැකකරුවන් තිදෙනා අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval