A-gift-from-her-husband-for-Malalas-favorite-actor-Shah-Rukh-Khan

නොබෙල් ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි පසුගිය සතියේ ලෝකයේ ප්‍රවෘත්ති අතර විශේෂයෙන් කතාබහට ලක්වූවාය. ඊට හේතුවූයේ අඟහරුවාදා සමාජ මාධ්‍ය පුදුමකරවමින් ඇය සහකරු අසර් මලික් සමඟ ඇගේ විවාහ මංගල්‍යය ප්‍රකාශයට පත් කිරීමයි.


මෙම හදිසිය නිසා යුවළගේ පැරණි ඡායාරූප අවුස්සා හෑරීමට අන්තර්ජාල ජාවාරම්කරුවන්ට කාලය අහිමි විය.
නමුත් මලාලා පසුගිය ජූලි මාසයේදී ඇගේ 24 වන උපන්දිනය සමරන ලද අවස්ථාවේ ලබාගත් වෙනස් ආකාරයේ ඡායාරූපයක් මේ වනවිට නැවත කරළියට පැමිණ තිබේ.


එහි දැක්වෙන්නේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ජීවමාන ඡායාරූපයක් සමග මලාලා සැමියා සිටින අවස්ථාවකි.
පකිස්තානු ජාතිකයන් වන මේ දෙන්නාගේම ප්‍රියතම නළුවා අසල්වැසි ඉන්දියාවේ ෂාරුක් කාන් බව කියැවේ.
සැමියා අසර් මලාලාගේ 24 වන උපන්දිනයට ෂාරුක්ගේ ජීවමාන කාඩ්බෝඩ් රුව සමග ඔවුන් ලබාගත් ඡායාරූපයක් බෙදාගෙන තිබුනේ ඇයව සතුටු කරන්නටය.
මලාලා මෙම බොලිවුඩ් තාරකාවට ආදරය කරන මෙන්ම හිතවත්කම් පාන රසිකාවකි. ඇය වරක් ෂාරුක්ට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කතාවක් කිරීමටද ආරාධනා කළ අතර පසුව 2018 සීරෝ චිත්‍රපටයේ ඔහුගේ රංගනය අගය කරමින් සටහන්ද තැබුවාය.


අසර් මලික් විසින් බෙදාගත් ඡායාරූපයේ දැක්වෙන්නේ මලාලා සිය 24 වැනි උපන්දිනය වෙනුවෙන් ලා නිල් පැහැති සල්වාර් කමීස් ඇඳුමකින් සැරසී සිටින ආකාරයයි. ඇය ෂාරුක් ඛාන්ගේ ජීවමාන ප්‍රමාණයේ කාඩ්බෝඩ් කටවුට් එක අසල අසර් සමඟ පෙනී සිටිමින් ඡායාරූප ගත කර ඇත.

"අතිවිශිෂ්ට @මලාලාට සුභ උපන්දිනයක්. @ෂාරුක් අවශ්‍ය ආරාධිතයෙක් කිරීමට මට උවමනා විය" පින්තූරය බෙදා ගනිමින් අසර් ලිවීය.
මලාලාගේ මිතුරියක වන සාරාද ඇය සතුටු කිරීමට ෂාරුක් සමග ඡායාරූපයක් පළ කර තිබුණි.

 (එන්ඩීටීවී ඇසුරිනි- Gossiplankanews.com)