පසුගිය දිනවල ‘අසම්මත පෙමක්‘ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සාකච්ඡාවට ලක්වුණ තිසර වීරසිංහගේ ‘අන්සතු ඔබ‘ නමැති මියුසික් වීඩියෝව මේ වනවිට මිලියන 3 ඉක්මවා නැරඹුම් ලබා ඇති නිර්මාණයකි. මෙම නිර්මාණය පසුපස පසුබිම් දර්ශන වීඩියෝවක්ද එම නිර්මාණකරුවන් විසින් එළි දක්වා තිබේ.
මෙම වීඩියෝ නිර්මාණ නිෂ්පාදනයේ අභියෝගය වූයේ සමීප දර්ශන අඩංගු එකතැන දිවෙන කතාවක්වූ නිසා අඛණ්ඩ පටිගතකිරීමක් කර රූගත කිරීම අවසන් කළ යුතුවූ මියුසික් වීඩියෝවක් වීමය. ත්‍රීරෝද රථයක් තුළ පසුපස වාඩිවී යන විවාහක කාන්තාවක හා ඇගේ අනියම් පෙම්වතාගේ හැසිරීම් අංගචලන කිහිපයක් මෙම දර්ශනවල අඩංගුවේ. මෙහිදී යොදාගෙන තිබෙන්නේ බ්‍රෙක්ඩවුන් වාහන ගෙනයන රථයක සවිකළ ත්‍රීරෝද රථයක කොටසකි.

පෙම්වතිය සිටින රථයට අතරමගදී පෙම්වතා නගින අතර දෙදෙනා මොහොතකට ආදරයෙන් සමීපවීමෙන් පසු  ඇය පිළියෙල කරගෙන ආ උදෑසන ආහාර කොටසක් ඔහුට පිරිනැමීමේ ජවනිකාවක්ද තිබේ. එහිදී ඇය කෑම ඔතාගෙන එන්නේ ඇගේ දරුවාගේ නැප්කින් එකකය. එය පෙම්වතා දැකීම වරදකාරී දෙයක් ලෙස ඇය සලකයි.

සමීප වූ සුළු මොහොතකින් පසු ඇයට ඔහුගෙන් සමුගෙන රථයෙන් බසින්නට සිදුවේ. එම අවස්ථාවේ පෙම්වතාට ඇය අතැර යාමේ අපහසුතාවක් පෙන්වයි.
මෙම ජවනිකා සම්බන්ධයෙන් එහි රඟපෑ නළු නිළියන් සිරස රසරිසිගී වැඩසටහනට අදහස් දක්වා තිබූ අතර ඔවුන් පවසා ඇත්තේ ඉතා කෙටි පුහුණුවීමකින් පසු නිම්න දෙව්පුර අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාව මත ගොඩනගන ලද රූප පෙළක් එහි අඩංගුවූ අයුරුය.

ටෙලි නළු ෂේවියර් කනිෂ්ක සමග එහි රඟන්නේ නවක නිරූපණ ශිල්පිනියක වන නිපුනි පූජිතා ගුණවර්ධනයි. ඇය ඒ සඳහා යොදාගත හැකි බවට හඳුන්වාදී ඇත්තේ ෂේවියර්ය. රූගත කිරීම 12 වතාවක් පමණ කළ බවත් හොඳම එක අවසන් නිර්මාණය ලෙස යොදා ඇති බවත් ඔවුන් කියා ඇත. 12 වතාවේම සැන්ඩ්විච් කන්නට සිදුවීම නිසා අන්තිම හරියේදී පාන් පමණක් ඉතිරුවූ බවත් පවසා ඇත.
මෙම රූගත කිරීම බ්‍රේක් ඩවුන් රථයක ත්‍රීවීලරය දමාගෙන නොකළේ නම් ඉතා අපහසු වන බව පෙන්වා දුන් ෂේවියර් ඔහුට රථයෙන් බැසයන්නට සිදුවන අවස්ථාවක පිටුපසට ගොස් පාරට පනින්ට සිදුවූ බවද කීවේය.
(Gossiplankanews.com)

නිර්මාණය හැදුණ හැටි ගැන කියැවෙන වීඩියෝව පහතින්







 මෙම ගීතය ගැන පෙර ලිපිය