wellawaya-incident

රෙදිපිළි අලවි සැලකට පැමිණි තරුණියක් ඇදුම් මාරු කිරීම වීඩියෝගත සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළඹෙන 14වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් චතුර එරංග දිසානායක මහතා 09දා නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ වැල්ලවාය, යාලබෝව ප්‍රදේශයේ පදිංවි ෆාරුක් මොහොමඩ් ෆවාස් (අවු.31) නමැත්තෙකි. 



එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විත්තිකරුට ඇප ලබාදෙන ලෙසට ඉල්ලිම් කළද මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතිෂ්ප කරමින් බන්ධනාගාරගත කිරීමට නියම කළේය. වැල්ලවාය නගරයේ ප්‍රසිද්ධ වෙළද සලකට රෙදි ගැනීමට මව සමග ගිය තරුණියක් එම ඇදුම් තමන්ට සුදුසුදැයි පරික්ෂා කිරිම සදහා ඇදුම් මාරු කරන කාමරයකට ගිය අවස්ථාවේ එම කාමරයේ ඉහළ ඇති රහස් කවුලුවකින් වීඩියෝගත කළ බවට කියන පුද්ගලයෙකු 08 දා අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සඳහා එම තරුණියගේ මාමා කෙනෙකු කඩයට ගොස් ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ගෙන් විමසීමට ගිය අවස්ථාවේ එය ගණනකට නොගන කටයුතු කිරීම හේතුවෙන් උණුසුම් කතාබහක් ඇතිවී ඇති අතර අවට පිරිසද වෙළඳසල අසලට පැමිණීමත් සමග තත්වය තවත් උණුසුම් වී තිබේ.තත්වය පාලනය කිරීම සදහා වැල්ලවාය පොලිස් නිලධාරින් පිරිසක්ද එම ස්ථානයට පැමිණි අතර විඩියෝගත කළ බව කියන පුද්ගලයා වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර

ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.මේ අතර එම වෙළද සැල 09 දිනයේ වසා තිබෙන අයුරු දක්නට ලැබුණි.

සිද්ධිය සම්බන්ධය වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී.එම්. රත්නායක මහතාගේ උපදෙස් මත කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා එච්.පී.ජේ.බී. ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(වැල්ලවාය - අයි.ආර්. ඉන්දික)