The-first-images-of-the-Earth-from-NASAs-LANDSAT-9-satellite

ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය සහ එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය එක්ව මේ වසරේ සැප්තැම්බර් මාසයේදී කක්ෂ ගතකළ Lands sat චන්ද්‍රිකාව මගින් ලබාගත් පළමු ඡායාරූප කිහිපය පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරිණි. පෘථිවි නිරික්ෂණ චන්ද්‍රිකාවක් ලෙස කක්ෂගත කෙරුණු මෙය ඉදිරි වසර පහක කාලයක් පුරා පෘථිවියේ ස්ථානවල ඡායාරූප ලබා ගැනීමට යොදා ගැනීම සැලසුම වෙයි.

පෘථිවියේ සිට සැතපුම් 438ක් ඉහළ කයේ රැදී සිටිමින් පැයට සැතපුම් 16,760ක වේගයෙන්  පෘථිවිය වටා ගමන් කරමීන් මෙම චන්ද්‍රිකාව අදාළ ඡායාරූප ලබා ගැනීම විශේෂත්වයකි. මෙලෙස නිකුත් කෙරුණු පළමු ජායාරූප අතර එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රෙයිට්හි පිහිටි මහා ඇලෙහි ගලායන ආකාරය, ඔස්ට්‍රේලියාවේ වයඹ දිග පිහිටි කඩොලාන වගාව මෙන්ම හිමාල කඳුවැටියේ ග්ලැසියර යනාදියද පවතී. මෙම ඡායාරූප හරහා පෘථිවියේ භූ දර්ශනයේ සිදුවන වෙනස්වීම් ඉතාමත් හොදින් නිරූපණය වන බවත් නාසා ආයතනය සදහන් කරයි.මෙම නවතම Landsat9 චන්ද්‍රිකාව සතුව මීට කක්ෂගත කෙරුණු Landsatචන්ද්‍රිකාවලට වඩා අතිනවීන ඉහළ තාක්ෂණික හැකියාවන් රැසකින් සමන්විත වූවක් වන බවත් පවසයි.