ලබන සතියේ අඟහරුවාදා (23) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂයෙන් සංවිධානය කළ උත්සවයක් පැවැත්වෙයි. එයට නිමිතිකරගන්නේ “මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලෝකය පුරා ඉහළ රසික ජන ප්‍රසාදයක් දිනාගත් යොහානි ද සිල්වා නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙය සංවිදානය කර ඇතිඅතර
අගමැති මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට එක්වේ.
යොහානි ද සිල්වා මෙනෙවිය මෙදින පෙරවරුවේ කතානායක ගැලරියටද කැඳවා ගෙන ඒමට නියමිත අතර
කතානායකවරයා පාර්ලිමේන්තු සභාව අමතමින් ඇයගේ පැමිණීම දැනුම්දීමටද සුබ පැතුම් පිරිනැමීමටද නියමිතයි.
යොහානි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දිවා භෝජන සංග්‍රහයක්ද එදින පිරිනැමීට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval