වාද්දුව ප‍්‍රදේශයේ මාදැල් දෙකකට රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විශාල මාළු තොගයක් ඊයේ (18 දා) හසුවී තිබේ.
පසළොස්වක පොහොය දින වුවද, මාළු මිලදී ගැනීමට සහ සිද්ධිය දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ. ලොරි රථ සහ ත‍්‍රිරෝද රථවලින් වෙළඳුන් තොග වශයෙන් මාළු මිලදී ගැනීමට පැමිණ සිටියහ.
කහ පරව්, කිරලාවා සහ අලගුඩුවා යන වර්ගවලට අයත් මාළු දැල් දෙකට පැටලී සිටියහ. වෙනත් දිනවලට ඉහළ මිල ගණන්වලට අලෙවි වන මාළු ඉතා අඩු මුදලට අලෙවි වූ අතර ජනතාව ඉතා උනන්දුවෙන් මාළු මිලදී ගන්නා අයුරුද දැකගත හැකි විය.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම
Comments
Post a Comment
Your comment will be visible after approval